Monday, December 15, 2014

ඡායා





නුඹ,
තෙරක් නොපෙනෙන
මිරිඟු ඡායාවක්
ළං වෙන්න හිතනවිට
ඈතටම යන....

මම,
හතිලන මුවැත්තියක්
මිරිඟුවෙහි තෙර
සොයා වෙහෙසෙන...

Thursday, December 11, 2014

අහිමි






නුඹ නුඹම උණා නම්
මට මම ම වෙන්න
තිබුණා...
හිස් අහස දිහා බලන්
අහසටම පෙම් බඳින
කඳු වගේ....

Wednesday, December 10, 2014

එන්න ඇවිදන් යන්න...





එන්න ඇවිදන් යන්න
එකිනෙක පා තියා
හෙමි හෙමින්.....
දුර ඈත නොපෙනෙන
ඉම තෙක්ම....
දේදුණු යායෙන් ඇදී...
පාට පාටින් පද ගොතන්නට....